නාගොල්ලාගම විහාරස්ථානයේ දායක මහතුන් සමග අනේකවිධ දුක් විදිමින්
ශාසනික සේවාව ඉටු කරන හිමිපාණන්ට ප්‍රදේශවාසී දරුවන් අධ්‍යාපන අංශයෙන්
ඈත්වී සිටීම ඉමහත් මානසික පීඩාවක් විය. එක් පැත්තකින් අඹගස්වැව විදුහලද
පිහිටියේ සැතපුම් දෙකකට වඩා දුරිනි. මේ නිසා බොහෝ දෙමාපියන් වනසතුන්ට
බියෙන් තම දරුවන් එම විදුහල්වලට යැවීම ප්‍රතික්ෂේප කළහ. කිහිපදෙනෙක්
පමණක් සුළු අධ්‍යාපනයක් ලැබූහ. මේ බලවත් අඩුපාඩුව තේරුම්ගත් හිමිපාණෝ
මොරගොල්ලාගම එම්.එම්. මුතුබණ්ඩා මයා, නාගොල්ලාගම විසූ යූ.ඒ. ගුණතිලක
මයා, නාගොල්ලාගම එස්. ගුණසේකර ( ආතර් බාස් උන්නැහේ), විල්බට් ජයකොඩි
යන මහතුන් සමග මේ ගැන සාකච්ඡා කොට විහාරස්ථානයේ කණු හතරක් මත
තිබූ කුඩා ශාලාවක 1959 දී ළමයින් 8 දෙනෙකුගෙන් නාගොල්ලාගම විදුහල
ආරම්භ කළහ. මේ කටයුත්තේදී උන්වහන්සේට බොහෝ විරෝධතා ඇති විය.
එවකට උණගස්වැවේ පදිංචිව සිටි බස්තියන් මහත්මා ඇතුළු කිහිපදෙනෙකු විදුහලේ
ස්වේච්ඡාවෙන් සේවය කළහ. ළමයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි විය. තව ගුරුවරුන්
කිහිපදෙනෙකු දෙමාපියන් කිහිපදෙනෙකු එකතු කර දුන් මුදලක් ලබා දුන් සේවයට
බදවා ගන්නා ලදහ. විහාරස්ථානයේ කුඩා මඩුව ඉඩකඩ මදි වූයෙන් දැනට
සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ස්ථානය ලබා දෙන ශ්‍රමදාන පදනමෙන් අඩි 60 x 20
ශාලාවක් සාදවා පාසල එයට ගෙන යන ලදී.
එහෙත් මෙම විදුහලට තවම පිළිගැනීමක් නැත්තේ රජයේ ලියාපදිංචි
නොවු බැවිනි. අපේ ධම්මානන්ද හිමිපාණන්ට මේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.
එවකට අධ්‍යාපන ඇමතිවරයාව සිටියේ අල්හාප් බද්උද්දීන් මහතාය. උප ඇමතිවරයා
වූයේ බී.වයි. තුඩාව මහතාය. මොරගොල්ලාගම එම්.එම්.
මුතුබණ්ඩා මහතා අධ්‍යාපන උප ඇමති තුඩාව මහතා සමග ඇති කරගෙන තිබූ
දේශපාලනික හිතවත්කම අපගේ හිමිපාණන්ගේ කටයුත්තට පහසුවක් විය. දහසක්
වීරෝධතා මධ්‍යයේ නාගොල්ලාගම විදුහල 1959.11.02 දිනදී රජයේ විදුහලක් බවට
පත් විය. මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 116 ක් විය. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය
දක්වා පන්ති 5 ක් පැවැත්වුණි. ප්‍රථම රජයේ විදුහල්පති පී.බී. වීරසේකර මහතාය.
එතුමා සමග ඩී.බී. ජයසූරිය,පී.ප්‍රේමචන්ද්‍ර නම් මහත්මහයන් සහ කේ.නන්දාවතී,
කේ.ඒ.ඩිංගිරි වඅම්මා මහත්මීන් මුල් කාලයේ ස්වේඡාවෙන් සේවය කර ඇත. වසරින්
වසර ශිෂ්‍ය පිරිස වැඩිවෙත්ම 9 ශ්‍රේණිය දක්වා පන්ති වැඩි විය. 1965.06.02 දිග
අඩි 80 x 20 ශාලාවක් පාසලට ලැබුණි.
1968 දී ප්‍රථම වතාවට අ.පො.ස (සා/පෙළ) විභාගයට ශිෂ්‍යයෝ පෙනී
සිටියහ.පෙනී සිටි සිසුන් 8 දෙනාගෙන් 2ක් සමත් වී ඇත. දැන් මෙම භූමිය ඉඩකඩ
මදි වූ නිසා වර්තමානයේ පාසල ඇති අළුත් ඉඩමට පාසල ගෙනයන ලදී. 1974 දී
උසස් පෙළ පන්තිද ආරම්භ විය. පාසලේ ඇති ලිපි ලේඛනවලට අනුව 1977 දී ළමුන්
613 ක් හා ගුරුවරුන් 26 ක් වූහ. මේ අසිරිමත් සමයේදී විදුහල්පති වශයෙන්
ඩබ්ලිව්.එම්.එච්.බී. තෙන්නකෝන් මහතා ක්‍රියා කරද්දී අප විදුහල මහා විද්‍යාලයක්
බවට පත් විය. 1988 දී පර්ෂද මූලස්ථ මහා විද්‍යාලයක් බවට පත් වී වසර කිහිපයක්
තුල විද්‍යාගාරයක්, දෙමහල් ගොඩනැගිල්ලක්, කාර්යාල කාමරයක් හා දන්ත
චිකිත්සාගාරයක් පාසලට එක් විය.
|
ආරම්භ කළ වර්ෂය |
1959 නොවැම්බර් 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
116 |
|
මුල් ගුරුතුමාගේ නම |
P.B. වීරසේකර |
|
පාසලේ ආදි කතෘගේ නම |
අති ගෞරවනීය කඩම්බාවේ ධම්මානන්ද හිමි. |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
P.B. වීරසේකර |
|
පාසල රජයට පවරාගත් දිනය |
1959 නොවැම්බර් 2 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නාගොල්ලාගම විහාරස්ථ භූමියේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1959 නොවැම්බර් 2 |






